වැදගත් සිදුවීම්

කැස්බෑ මස් කිලෝග්‍රෑම් 3.185 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට පත්වේ.
 

අද (ජනවාරි 10) උතුරුමැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් වංකාලේයිපාඩු ප්‍රදේශයේ පාමුර සංචාරයක නිරතව සිටියදී සැකසහිත පුද්ගලයෙකු පරික්‍ෂාවට භාජනය කර ඇත. එහිදී ඔහු සතුව තිබී කැස්බෑ මස් කිලෝග්‍රෑම් 3.185 ක ප්‍රමාණයක් සොයාගෙන ඇත.

10 Jan 2019

අවසරපත් නොමැතිව නීති විරෝධීව දැව කඳන් ප්‍රවාහනය කල පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සාම්පූර් පොලිස් ස්ථානයේ නිලධාරින් සමඟ සම්බන්ධ වී ඊයේ (ජනවාරි 09) කොක්අඩි ප්‍රදේශයේදී අවසරපත් නොමැතිව නීති විරෝධී ලෙස කපාදැමු වීර දැව ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

10 Jan 2019

ස්වේච්ඡා නාවික හමුදා වාර්ෂික පුහුණු කඳවුර වැලිසරදී ආරම්භ වෙයි
 

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ 67 වන සංවත්සරයට සමගාමීව 2019 ජනවාරි 04 වන දින වැලිසර පිහිටි ස්වේච්ඡා නාවික හමුදා මුලස්ථානයේදී වාර්ෂික පුහුණු කඳවුර ආරම්භ කරන ලදී.

10 Jan 2019

කේරළ ගංජා කිලෝග්‍රෑම් 184 ග්‍රෑම් 200 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද ‍තොරතුරකට අනුව උතුරුමැද නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් විසින් අද (ජනවාරි 10) අළුයම මන්නාරම වංකාලේ වෙරළ ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 184 යි ග්‍රෑම් 200 සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

10 Jan 2019