අවසරපත් නොමැතිව නීති විරෝධීව දැව කඳන් ප්‍රවාහනය කල පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සාම්පූර් පොලිස් ස්ථානයේ නිලධාරින් සමඟ සම්බන්ධ වී ඊයේ (ජනවාරි 09) කොක්අඩි ප්‍රදේශයේදී අවසරපත් නොමැතිව නීති විරෝධී ලෙස කපාදැමු වීර දැව ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයා වයස අවුරුදු 33 ක මූතූර්, අනච්චේන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර, ඔහු විසින් ප්‍රවාහනය කරමින් සිටි වීර දැව කඳන් සහිත ඩීමෝ බට්ටා වර්ගයේ ලොරි රථය නාවික හමුදාභාරයට ගෙන ඇත. නාවික හමුදා අත්අඩංගුවට පත් පුද්ගලයා, දැව කඳන් සහ ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා සාම්පූර්, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.