කැස්බෑ මස් කිලෝග්‍රෑම් 3.185 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට පත්වේ.
 

අද (ජනවාරි 10) උතුරුමැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් වංකාලේයිපාඩු ප්‍රදේශයේ පාමුර සංචාරයක නිරතව සිටියදී සැකසහිත පුද්ගලයෙකු පරික්‍ෂාවට භාජනය කර ඇත. එහිදී ඔහු සතුව තිබී කැස්බෑ මස් කිලෝග්‍රෑම් 3.185 ක ප්‍රමාණයක් සොයාගෙන ඇත. ඒ අනුව එම පුද්ගලයා සහ කැස්බෑ මස් තොගය නාවික හමුදාභාරයට ගෙන ඇති අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා පේසාලේ, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.