මුව මස් කිලෝග්‍රෑම් 5 ක් සමඟ හෝටල් හිමිකරු නාවික හමුදා අත්අඩංගුවට පත්වේ
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව ඊයේ (ජනවාරි 10) දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ හම්බන්තොට, වනජීවී කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සමඟ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී හම්බන්තොට, මිරිජ්ජවිල ප්‍රදේශයේ පිහිටි හෝටලයක තිබී මුව මස් කිලෝග්‍රෑම් 5 ක් සොයාගෙන ඇත.

ඒ අනුව, එම මුව මස් තොගය සහ හෝටලයේ හිමිකරු නාවික හමුදාව භාරයට ගෙන ඇති අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා හම්බන්තොට, වනජීවී කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර ඇත.