නීති වීරෝධී ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 11 ක් නාවික හමුදා අත්අඩංගුවට
 

දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් ගාල්ල, ධීවර පරීක්‍ෂක නිලධාරීන් සමඟ අද (ජනවාරි 11) අළුයම සිදු කළ මෙහෙයුමකදී අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 3 ක් ඔබ්බෙන් වූ මුහුදේ නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් 11ක් අත් අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබූ තහනම් දැල් 04 ක්, ඩිංගි යාත්‍රාවක්, කැනෝයි වර්ගයේ යාත්‍රාවක් සහ අනෙකුත් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඒ අනුව, අත්අඩංගුවට ගත් පුද්ගලයින්, තහනම් දැල්, යාත්‍රා සහ අනෙකුත් ධීවර ආම්පන්න, ඉදිරි නීතිමය කටයුතු සඳහා ගාල්ල, සහකාර ධීවර අධ්‍යක්‍ෂ වෙත භාර දීමට කටයුතු කර ඇත.