ගැලිහේන කලපුවේ අතුරුදන් වූ ධීවරයා නාවික හමුදාව විසින් සොයා ගැනේ
 

ඊයේ (ජනවාරි 11) හලාවත ගැලිහේන කළපුවේ ධීවර කටයුතුවල නිරතවී සිටි පුද්ගලයෙකු අතුරුදන්වී ඇති බවට හලාවත පොලිස් ස්ථානය මඟින් සිදු කළ දැනුම් දීමකට අනුව නාවික හමුදා කිමිදුම් අංශයේ 06 දෙනෙ‍කුගෙන් යුත් කණ්ඩායමක් එම ස්ථානය වෙත යැවීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, අද (ජනවාරි 12) උදෑසන සිට ගැලිහේන කලපුව පීරමින් පැය 05කට අධික කාලයක් දැඩි පරිශ්‍රමයක් දරමින් එම පුද්ගලයා‍ගේ මෘත දේහය සොයාගැනීමට නාවික හමුදා කිමිදුම් කණ්ඩායම සමත්වී ඇති අතර, හලාවත ගැලිහේන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන එම පුද්ගලයාගේ මෘත දේහය වත්තල, පොලිස් ස්ථානය වෙත වැඩිදුර පරීක්ෂණ සඳහා භාර දීමට කටයුතු කෙරිණි.