වැදගත් සිදුවීම්

ගැලිහේන කලපුවේ අතුරුදන් වූ ධීවරයා නාවික හමුදාව විසින් සොයා ගැනේ
 

ඊයේ (ජනවාරි 11) හලාවත ගැලිහේන කළපුවේ ධීවර කටයුතුවල නිරතවී සිටි පුද්ගලයෙකු අතුරුදන්වී ඇති බවට හලාවත පොලිස් ස්ථානය මඟින් සිදු කළ දැනුම් දීමකට අනුව නාවික හමුදා කිමිදුම් අංශයේ 06 දෙනෙ‍කුගෙන් යුත් කණ්ඩායමක් එම ස්ථානය වෙත යැවීමට කටයුතු කෙරිණි.

12 Jan 2019

නාවික හමුදාධිපතිතුමන් අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් පියතුමන් හමුවෙයි
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (ජනවාරි 12) කොළඹ අගරදගුරු තැන්පත් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් හමුවී ආශිර්වාද ලබා ගන්නා ලදී. එම හමුවීම කොළඹ අගරදගුරු නිල නිවසේදී සිදු කෙරිණි.

12 Jan 2019