කාන්තාවන් දෙදෙනෙක් කැස්බෑ මස් සමඟ නාවික හමුදා අත්අඩංගුවට පත්වේ.
 

ඊයේ (ජනවාරි 12) වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් නල්ලදරන්කට්ටුව ප්‍රදේශයේ පාමුර සංචාරයක නිරතව සිටියදී මස් පිණිස කැස්බෑවන් මරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබී කැස්බෑ මස් කිලෝග්‍රෑම් 25 ක් සහ කැස්බෑ බිත්තර 211 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් කාන්තාවන් දෙදෙනා (02), සහ කැස්බෑ මස් තොගය සහ බිත්තර නාවික හමුදාභාරයට ගෙන ඇති අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා ආනවිලුන්දාව, වනජීවී කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

තවද, පසුගිය ජනවාරි 10 වන දින වංකාලේයිපාඩු ප්‍රදේශයේදී ද කැස්බෑ මස් කිලෝග්‍රෑම් 3.185 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව කටයුතු කර ඇත.