මුහුදු සීමාව උල්ලංගනය කරමින් ධීවර කටයුතු වල නිරත වූ ඉන්දීය ධීවරයින් නාවික හමුදා අත්අඩංගුවට
 

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකරනු ලැබූ විශේෂ මෙහෙයුමකින් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකා මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 20 ක් සහ ට්‍රෝලර් යාත්‍රා 03 ක් ඊයේ (ජනවාරි 12) නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, ඩෙල්ෆ්ට් දුපතට ඔබ්බෙන් වූ මුහුදේ දී ට්‍රෝලර් යාත්‍රා 02 ක් සහ එහි සිටි ධීවරයින් නව දෙනෙකු (09) ද, තලේයිමන්නාරම මුහුදු ප්‍රදේශයේදී ට්‍රෝලර් යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයින් එකොලෙස් දෙනෙකු (11) ද, අත් අඩංගුවට ගෙන ඇති අතර, එම ඉන්දීය ධීවරයින් පිරිස කරේයිනගර් ශ්‍රී ලංකා නාවික නෞකා ‘එළාර’ ආයතනය වෙත සහ නච්චිකුඩා ශ්‍රී ලංකා නාවික නෞකා ‘බුවනෙක’ අයතනය වෙතත් රැගෙනවිත් වෛද්‍ය පරීක්‍ෂණයන්ට භාජනය කිරීමෙන් අණතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාල ප්‍රදේශයන්හී ධීවර පරීක්‍ෂවරුන් වෙත භාර දීමට නියමිතව ඇත.