අනතුරටපත් ඉන්දීය ධීවරයින් නාවික හමුදාව විසින් බේරා ගනී
 

ශ්‍රී ලංකා මුහුදු සීමාව තුලදී අනතුරට පත් ඉන්දීය ධීවරයන් පිරිසක් සොයා ශ්‍රී ලංකා නාවික හමුදාව මේ වන විට විශේෂ මුදවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇත. මේ වන විට ඉන්දීය ජාතික ධීවරයින් අට දෙනෙකු (08) මුදා ගෙන ඇති අතර, තව දුරටත් නාවික හමුදාව මඟින් ප්‍රදේශයේ සෝදිසි කටයුතු කර ගෙන යමින් පවතී. බේරා ගත් ධීවරයන් මූලික වෛද්‍ය ප්‍රථිකාර ලබා දීමෙන් අනතුරුව ඉදිරි කටයුතු සඳහා යාපනය ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරනු ඇත.

ඊයේ (12) රාත්‍රියේදී ශ්‍රී ලංකා මුහුදු තීරය උල්ලංගනය කරමින් ඉන්දියනු ධීවර යාත්‍රා 500 කට අධික ප්‍රමාණයක් ඩෙල්ෆ්ට් දූපතට ආසන්න ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමේ නිරත වනු, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිරීක්‍ෂණය කොට ඇති අතර, එහිදී ධීවර යාත්‍රා 02 ක් සහ ධීවරයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ද ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් වී ඇත.

මෙහිදී සෙසු ධීවර යාත්‍රා නැවතත් ඉන්දියානු මුහුදු සීමාව දෙසට පලා ගොස් ඇති අතර, ඒ අවස්ථාවේ මුහුදේ පැවති රළු ස්වභාවය හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බවට සැක කෙරේ.