නාවික හමුදාධිපතිතුමන් ගුවන් හමුදාධිපතිතුමා හමුවෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (ජනවාරි 14) ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති, එයාර් මාෂල් කපිල ජයම්පති මහතා හමුවිය. එහිදී, ගුවන් හමුදා විශේෂ සම්මාන ආචාර මුරයක් මඟින් නාවික හමුදාධිපතිතුමා පිළිගත් අතර, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා නාවික හමුදාධිපති දූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් හමුවූ පළමු නිල හමුව බවට මෙය සනිටුහන් විය.

අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් විසින් අභිනව නාවික හමුදාධිපතිතුමන් වෙත ඔහුගේ සුභ පැතුම් පිරිනමන ලද අතර, ඉදිරි කටයුතු වලදී ගුවන් හමුදාවේ නොමද සහාය නාවික හමුදාව වෙත ලබා දෙන බව ද එහිදි ගුවන් හමුදාධිපතිතුමන් සඳහන් කරන ලදී. මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කරන ලද අතර, එම අවස්ථාව සඳහා ගුවන් හමුදා අධ්‍යක්ෂක ජෙනරාල්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.