වැදගත් සිදුවීම්

රුසියානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කර්නල් ඩෙනිස් අයි. ස්කෝඩා මහතා අද (ජනවාරි 14) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමු විය.

14 Jan 2019

ශ්‍රී ලංකා ‍මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වන ඉන්දිය ධීවර යාත්‍රා නාවික හමුදා අත්අඩංගුවට
 

පසුගිය ‍ජනවාරි 12 සහ 13 යන දෙදින තුළ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ඉන්දිය ධිවරයින් 20 දෙනා සහ මුදවා ගත් ධිවරයින් අටදෙනා (08) මේ වන විට අදාල ප්‍රාදේශීය ධිවර පරික්‍ෂක කාර්යාලයන්ට සහ පොලිස් ස්ථාන වෙත භාර දිමට කටයුතු කර ඇත.

14 Jan 2019

නව නාවික හමුදාධිපතිතුමන් පොලිස්පතිතුමා හමුවෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (ජනවාරි 14) පොලිස් මූලස්ථානයේ දී පොලිස්පති, පූජිත් ජයසුන්දර මහතා හමුවිය.

14 Jan 2019

නාවික හමුදාධිපතිතුමන් ගුවන් හමුදාධිපතිතුමා හමුවෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (ජනවාරි 14) ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති, එයාර් මාෂල් කපිල ජයම්පති මහතා හමුවිය.

14 Jan 2019

ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්තුමන් නාවික හමුදාධිපතිතුමා හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්, අතිගරු බ්‍රයිස් හචිසන් මහතා අද (ජනවාරි 14) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමුවිය. එහිදී හචිසන් මහතා විසින් ශ්‍රී ලංකා‍ නාවික හමුදාවේ 23 වන නාවික හමුදාධිපතිතුමන් වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා වෙත සිය සුභ පැතුම් පිරිනමන ලදී.

14 Jan 2019

නීතිවිරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් තොගයක් නාවික හමුදාව සොයා ගැනේ
 

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (ජනවාරි 14) උදෑසන මන්නාරම වෙරළ ප්‍රදේශයේ සිදු කළ පා මුර සංචාරයකදි නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් තොගයක් සොයා ගන්නා ලදී.

14 Jan 2019