ජපාන නාවික හමුදා සාමාජිකයින් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක
 

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘ඉකසුචී’ නෞකාව සුහද සංචාරයක් සඳහා ඊයේ (ජනවාරි 15) හම්බන්තොට වරායට සේන්දු වූ අතර, එම නෞකාවේ කාර්ය මණ්ඩලය විසින් අද හම්බන්තොට වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා සහභාගී විය.

ඒ සඳහා නෞකාවේ මෙහෙයුම් භාර නිලධාරි වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් රොයොකෝ ඉසුමා මහත්මිය සහ අණදෙන නිලධාරි ඇතුළු නිලධාරින් සහ නාවිකයින් මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින් විශාල පිරිසක් සහභාගී වි සිටියහ. තවද, මෙම ක්‍රියාව ප්‍රදේශයේ ජනතාවගේ පැසසුමටද ලක් විය.