වැදගත් සිදුවීම්
මාලදිවයින් ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ශ්රී ලංකාවේ මාලදිවයින් තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කර්නල් අහමඩ් ගියාස් මහතා අද (ජනවාරි 16) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමු විය.
16 Jan 2019
ඇමෙරිකා එක්සත් ජනපදයේ නාවික උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නාවික උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන ලුතිනන් කොමාණ්ඩර් බ්රයන් පේජ් මහතා අද (ජනවාරි 16) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමු විය.
16 Jan 2019
සොයා ගැනීමේ සහ බේරා ගැනීමේ ක්ෂණික ජල පුහුණු වැඩසටහන ආරම්භ කෙරේ
ආසියා පැසිෆික් ආපදා කළමණාකරන සංවිධානය (Asia pacific Alliance for Disaster Management ) විසින් සොයා ගැනීමේ සහ බේරා ගැනීමේ ක්ෂණික ජල පුහුණු වැඩසටහනක් අද (ජනවාරි 16) නාවික හමුදා ක්ෂණික ක්රියාකාරි යාත්රා බලඝණ මූලස්ථානයේදී බලඝණයේ අණදෙන නිලධාරි, කොමාණ්ඩර් ප්රසන්න හෙට්ටිආරච්චි මහතාගේ ප්රධානත්වයෙන් ආරම්භ කරන ලදී.
16 Jan 2019
ජපාන නාවික හමුදා සාමාජිකයින් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක
ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘ඉකසුචී’ නෞකාව සුහද සංචාරයක් සඳහා ඊයේ (ජනවාරි 15) හම්බන්තොට වරායට සේන්දු වූ අතර, එම නෞකාවේ කාර්ය මණ්ඩලය විසින් අද හම්බන්තොට වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා සහභාගී විය.
16 Jan 2019