කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (ජනවාරි 16) සිදු කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් සමඟ පුද්ගලයෙකු පුත්තලම, පාලවිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී. මෙම පුද්ගලයා ත්‍රි රෝද රථයකින් කේරළ ගංජා අලෙවි කිරීම සඳහා ප්‍රවාහනය කරමින් සිටිය දී මෙලෙස අත්අඩංගුවට පත් විය.

අත්අඩංගුවට ගත් පුද්ගලයා, ත්‍රීරෝද රථය සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීමට කටයුතු කෙරිණි.