නාවික හමුදාව කෝකිලායි කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් සොයා ගැනේ
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (ජනවාරි 16) දින කෝකිලායි කළපුව ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීමකදී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් කිහිපයක් සොයා ගැනීමට සමත්ව ඇත.

ඒ අනුව, මීටර් 150 ක පමණ දිගකින් යුත් තංගුස් වර්ගයේ තහනම් දැල් සොයා ගත් අතර, අදාල ධීවර දැල් ඉදිරි නීතිමය කටයුතු සඳහා කුච්චවේලි ධීවර පරික්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.