වැදගත් සිදුවීම්

සාර්ථක සංචාරයකින් අනතුරුව ජපාන නාවික හමුදාවට අයත් ‘ඉකසුචී’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
 

පසුගිය ජනවාරි 15 වන දින හම්බන්තොට වරායට සේන්දු වූ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘ඉකසුචී’ නෞකාව අද දින (ජනවාරි 17) සිය තෙදින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් හම්බන්තොට වරායෙන් පිටත් විය.

17 Jan 2019

නාවික හමුදාව කෝකිලායි කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් සොයා ගැනේ
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (ජනවාරි 16) දින කෝකිලායි කළපුව ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීමකදී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් කිහිපයක් සොයා ගැනීමට සමත්ව ඇත.

17 Jan 2019

කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (ජනවාරි 16) සිදු කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් සමඟ පුද්ගලයෙකු පුත්තලම, පාලවිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී.

17 Jan 2019