සොයා ගැනීමේ සහ බේරා ගැනීමේ අභ්‍යාසයේ පලමු ප්‍රායෝගික අභ්‍යාසය කලා ඔය මෝය ආශ්‍රිතව
 

ආසියා පැසිෆික් ආපදා කළමණාකරන සංවිධානය (Asia pacific Alliance for Disaster Management) විසින් සොයා ගැනීමේ සහ බේරා ගැනීමේ ක්ෂණික ජල පුහුණු‍ වැඩසටහන පසුගිය ජනවාරි 16 වන දින නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණ මූලස්ථානයේදී ආරම්භ කරන ලදී.

ඒ අනුව, පුහුණු වැඩසටහනේ පළමු දින පුහුණු අභ්‍යාස ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණ මූලස්ථානයේදී සහ කලා ඔය මෝය ආශ්‍රිතව පැවැති අතර, ඒ සඳහා නාවික හමුදා සාමාජිකයින් 18 දෙනෙකු සහ ගුවන් හමුදා සාමාජිකයින් 07 දෙනෙකු ඇතුළුව පුහුණවන්නන් 25 දෙනෙකු ඇතුලත් විය.‍

එහිදි, ජලයේ ආපදාවකට ලක් වූ පුද්ගලයෙකු බේරා ගැනීම සදහා ජිවිතාරක්‍ෂක පුද්ගලයෙකු ජලයට ඇතුළු වන්නේ කෙසේද, ක්‍රියාශිලි සහ ආරක්‍ෂක පිහිණුම් ක්‍රම මෙන්ම හදිසි ප්‍රතිචාර යාත්‍රාවක් ජලයේදී අනතුරට පත් වූවහොත් එය නැවත ක්‍රියාත්මක කර ගන්නා ආකාරය සහ ජීවිතාරක්ෂක උපකරණ හැසිරවීම යන කරුණු පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුමක් පුහුණුවන්නන් හට ලබා ගැනීමට හැකි විය. විශේෂයෙන්ම එහිදී, ජාත්‍යාන්තර ප්‍රමිතින්වලට අනුව පුද්ගලික පාවෙන උපකරණ, ආරක්ෂිත හිස්වැසුම්, තෙත් ඇඳුම, තෙත් සපත්තු සහ වෙනත් නවීන උපකරණවලින් යුක්ත ජිවිතාරක්‍ෂක ඇදුම් කට්ටලයක් භාවිතා කරන ලද අතර, එය පුහුණුවන්නන් හට නව අත්දැකීමක් විය.