බ්‍රිතාන්‍ය ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් නව පත්විම ලබා පැමිණි කර්නල් ඩේවිඩ් අෂ්මාන් (Colonel David Ashman) මහතා අද (ජනවාරි 18) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමු විය. මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කර රාජකාරි වලින් නික්ම යන ආරක්‍ෂක උපදේශක ගෲප් කපිතාන් ෆ්රේසර් නිකල්සන් (Group Captain Frazer Nicholson) මහතා ද සහභාගි විය.

එහිදී, ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව ඔවුන් අදහස් හුවමාරු කර ගන්නා ලද අතර, නික්මයන ආරක්‍ෂක උපදේශකතුමන් ශ්‍රී ලංකාවේ රැඳි සිටි කාලය තුල තමන් වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් නාවික හමුදාධිපතිතුමන් වෙත කෘතඥතාවය පල කරන ලදී. එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.