වැදගත් සිදුවීම්

ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික කඳවුර සාර්ථකව නිමාවට පත්වේ
 

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදා වාර්ෂික කඳවුරේ අංශ පිරික්‍ෂුම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (ජනවාරි 18) දින වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ලංකා ආයතනයේ සරඹ පිටියේදී පැවැත්විණි.

18 Jan 2019

බ්‍රිතාන්‍ය ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් නව පත්විම ලබා පැමිණි කර්නල් ඩේවිඩ් අෂ්මාන් (Colonel David Ashman) මහතා අද (ජනවාරි 18) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමු විය.

18 Jan 2019

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය නාවික හමුදාධිපතිතුමන් හට බුහුමන් දක්වයි
 

අම්බලන්ගොඩ, ධර්මාශෝක විද්‍යාලයේ දිප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හට හරසර දැක්වීමේ උත්සවයක් ඊයේ (ජනවාරි 17) අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වීය.

18 Jan 2019

සොයා ගැනීමේ සහ බේරා ගැනීමේ අභ්‍යාසයේ පලමු ප්‍රායෝගික අභ්‍යාසය කලා ඔය මෝය ආශ්‍රිතව
 

ආසියා පැසිෆික් ආපදා කළමණාකරන සංවිධානය (Asia pacific Alliance for Disaster Management) විසින් සොයා ගැනීමේ සහ බේරා ගැනීමේ ක්ෂණික ජල පුහුණු‍ වැඩසටහන පසුගිය ජනවාරි 16 වන දින නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණ මූලස්ථානයේදී ආරම්භ කරන ලදී.

18 Jan 2019