සොයා ගැනීමේ සහ බේරා ගැනීමේ ප්‍රායෝගික අභ්‍යාස තවදුරටත්
 

පසුගිය ජනවාරි 16 වන දින ආරම්භ කරන ලද සොයා ගැනීමේ සහ බේරා ගැනීමේ ක්ෂණික ජල පුහුණු‍ වැඩසටහනේ ප්‍රයෝගික අභ්‍යාස පසුගිය දෙදින පුරා කලා ඔය මෝය ආශ්‍රිතව පැවැති අතර, එළඹෙන ජනවාරි 23 වන දින ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණ මූලස්ථානයේදී අවසන් අභ්‍යාසය පැවැත්විමට පැවැත්වීමට නියමිතව ඇත.

ඒ අනුව, පසුගිය දෙදින පුරා ගඟ හරහා ගමන් කිරීම, රබර් යාත්‍රා උපයොගි කර ගනිමින් ක්ෂණික ජල පුහුණු‍ මෙහෙයුම්, ක්ෂණික ජලය හරහා යාත්‍රා කිරීම, ක්ෂණික ජලයෙන් මුදවා ගැනීම, තනිව/පිරිසක් සමඟ යාත්‍රා කිරීමේදි ආරක්‍ෂිතව යාත්‍රා කිරීම, ලනු භාවිතය, ක්ෂණික ජල කඳවුරු පැවැත්විම සහ රාත්‍රි පිහිණුම් ක්‍රම ආදි වූ කරුණු පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුමක් පුහුණුවන්නන් හට ලබා ගැනීමට හැකි විය. මෙම ක්‍රියාකරකම් පුහුණුවන්නන් හට නැවුම් අත්දැකිමක් වූ හෙයින් ඒ සඳහා පුහුණුවන්නන් ඉතා උද්යෝගයෙන් හා ක්‍රියාශිලිව සහභාගි වන ලදි.