කැලෑව තුළ සඟවා සිටි කැස්බෑවෙකු නාවික හමුදාව සොයා ගැනේ
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (ජනවාරි 19) සිදු කළ සෝදිසි කිරීමකදී ගුරුනගර් ධීවර වරායට මිටර් 500 ක් ගිණිකොණට වන්නට වූ කැලෑව තුළ සඟවා සිටි ජීවී කැස්බෑවෙකු සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත. සොයා ගනු ලැබූ ජීවී කැස්බෑවා යාපනය, සහකාර ධිවර පරික්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.