කේරළ ගංජා කිලෝග්‍රෑම් 86.4 ක් සමඟ පුද්ගලයෙකු කොටු කර ගැනීමට නාවික හමුදා සහාය
 

නාවික හමුදා බුද්ධි ‍තොරතුරකට අනුව පේදුරුතුඩුව පොලිසියට අනුයුක්ත නිලධාරින් පිරිසක් විසින් අද (ජනවාරි 28) පේදුරුතුඩුව, ඉම්බාසිද්ධි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 86 යි ග්‍රෑම් 400 සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම ගංජා තොගය පේදුරුතුඩුව, වියපරමුල්ලෛයි ප්‍රදේශයේ නිවසක වහලක් තුළ සඟවා තිබියදි සොයා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා 50 වන වියෙහි පසුවන පුද්ගලයෙකු බව හඳුනා ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය සහ පුද්ගලයා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ පේදුරුතුඩුව පොලිසිය විසින් සිදු කරනු ලබයි.

එමෙන්ම, මෙම පසුගිය සති තුනක කාලය තුළ පමණක් නාවික හමුදා මෙහෙයුම් මඟින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 509 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇති අතර, මෙවැනි මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්විමට නාවික හමුදාව දැඩි අවධානයෙන් කටයුතු කරන බව අවධාරණය කෙරේ.