වැදගත් සිදුවීම්

බීඩී කොළ කිලෝග්‍රෑම් 529 ක් සොයා ගැනීමට නාවික හමුදා සහාය
 

නාවික හමුදා බුද්ධි ‍තොරතුරකට අනුව මන්නාරම පොලිසියට අනුයුක්ත නිලධාරින් පිරිසක් විසින් අද (ජනවාරි 31) මන්නාරම, නූර් වීදියේදී බීඩී කොළ කිලෝග්‍රෑම් 529 සොයා ගෙන ඇති අතර, මෙම ‍බීඩී කොළ තොගය ලොරි රථයක් මඟින් ප්‍රවාහනය කර ඇත.

31 Jan 2019

මෙරට අත්අඩංගුවේ තිබූ තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 06 ක් යළි ඉන්දියාවට
 

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගන්නා ලද ඉන්දීය ධීවරයින්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 06 ක් යලි එරටට භාර දීම අද (ජනවාරි 31) ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව සිදු කෙරිණි.

31 Jan 2019

ජ්‍යෙෂ්ඨ නාවිකයින් 75 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යෙෂ්ඨ නාවිකයින් 75 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම අද (ජනවාරි 31) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදාධිපතිතුමාගේ කාර්යාලයේදී සිදු කෙරුණි. ඒ සදහා රුපියල් මිලියන 37.5 ක මුදලක් නාවික සහන පදනම මගින් ලබාදෙන ලදි.

31 Jan 2019

ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරින් පිරිසක් ඉන්දියානු නාවික හමුදා ඩෝනියර් ගුවන් යානා අභ්‍යාසයක
 

ඉන්දියානු නාවික හමුදාවට අයත් ඩෝනියර් වර්ගයේ ගුවන් යානාවක් පසුගිය ජනවාරි 28 වන දින ගුවන් යානා අභ්‍යාසයක් සදහා මෙරටට පැමිණි අතර, මෙම අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරින් ඇතුළුව ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරින් පිරිසක් සහභාගි විය.

31 Jan 2019

නීති වි‍රෝධී ලෙස මෙරටින් සංක්‍රමණයවිමට උත්සහ කළ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට
 

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (ජනවාරි 30) යාපනය, මන්ඩතිව් ප්‍රදේශයේ සිදු කළ පා මුර සංචාරයක් අතරතුරදී සැක කටයුතු ලෙස සිටි පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

31 Jan 2019