ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරින් පිරිසක් ඉන්දියානු නාවික හමුදා ඩෝනියර් ගුවන් යානා අභ්‍යාසයක
 

ඉන්දියානු නාවික හමුදාවට අයත් ඩෝනියර් වර්ගයේ ගුවන් යානාවක් පසුගිය ජනවාරි 28 වන දින ගුවන් යානා අභ්‍යාසයක් සදහා මෙරටට පැමිණි අතර, මෙම අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරින් ඇතුළුව ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරින් පිරිසක් සහභාගි විය.

ඒ අනුව පසුගිය ජනවාරි 28 වන දින සිට අද (ජනවාරි 31) දක්වා දකුණු වෙරළ තීරයට නාවික සැතපුම් 10 ක් ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශයේදී මෙම අභ්‍යාසයන් සිදු කරන ලද අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් 12 දෙනෙ‍කු සහභාගිවී සිටියහ. තවද, මෙවැනි අභ්‍යාසයන් තුළින් කලාපීය වශයෙන් අනෙකුත් හමුදාවන් අතර සිය වෘත්තීමය නිපුණතාවය සහ සහයෝගිතාවය වර්ධනය කර ගැනීමට මහඟු අවස්ථාවකි.