කේරළ ගංජා කිලෝග්‍රෑම් 18.5 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) කොටු කර ගැනීමට නාවික හමුදා සහය
 

නාවික හමුදා බුද්ධි ‍තොරතුරකට අනුව යාපනය, පොලිස් විශේෂකාර්ය බළකායට අනුයුක්ත නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (ජනවාරි 31) වැල්වැටිතුරෛයි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 18.5 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම ගංජා තොගය අලෙවි කිරීම සඳහා යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදි අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් වැල්වැටිතුරෛයි සහ නගර්කෝවිල් ප්‍රදේශයන්හි පදිංචි වයස අවුරුදු 38 සහ 27 වන වියෙහි පසුවන අයවලුන් බව හඳුනාගෙන ඇත. අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය සහ පුද්ගලයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා වැල්වැටිතුරෛයි පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

එමෙන්ම පසුගිය ජනවාරි මාසය තුලදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 527 කට අධික ප්‍රමාණයක් නාවික හමුදා මෙහෙයුම් මඟින් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇති අතර, මෙවැනි මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්විමට නාවික හමුදාව අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලැබේ.