‘නාවික සඟරාව’ (Navy Journal) සිව්වන කලාපය එළිදකී
 

නාවික හමුදා පර්යේෂණ ඒකකය විසින් ප්‍රකාශයට පත් කෙරෙන ‘නාවික සඟරාව’ (Navy Journal) සිව්වන වේළුමේ පළමු කලාපය එහි ප්‍රධාන කතෘ කපිතාන් ප්‍රසාද් කාරියප්පේරුම මහතා විසින් අද (පෙබරවාරි 01) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල්ද සිල්වා මහතා වෙත පිළිගැන් විය.

එම අවස්ථාව සඳහා නාවික හමුදා පර්යේෂණ ඒකකයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරී ලුතිනන් කොමාණ්ඩර් දිනේෂ් කරුණාරත්න මහතා ඇතුළු නාවික සඟරාවේහි සංස්කාරක මණ්ඩලය ද සහභාගි විය. තවද, නාවික පුද්ගලයන්ගේ පර්යේෂණ දැනුම පුළුල් කිරීම අරමුණ කරගනිමින් මෙම නාවික සඟරාව ප්‍රකාශයට පත් කර ඇති අතර, ඒ සඳහා සියළු නාවික පුද්ගලයින්ට සිය පර්යේෂණාත්මක ලේඛණ ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා ඇත. එමඟින් නාවික පුද්ගලයින්ගේ ලේඛණ හැකියාවන් වර්ධනය කරලිම මෙයින් අපේක්‍ෂා කෙරේ.