නීති වීරෝධී ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 13 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් ඊයේ (පෙබරවාරි 01) කල්පිටිය, සින්නපාඩු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබූ තහනම් දැලක්, ඩිංගි යාත්‍රා 04 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත. ඒ අනුව, අත්අඩංගුවට ගත් පුද්ගලයින්, තහනම් දැල, යාත්‍රා සහ අනෙකුත් ධීවර ආම්පන්න, ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම, සහකාර ධීවර පරික්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

තවද, පසුගිය මාසය තුලදි පමණක් විවිධ ප්‍රදේශයන්හි සඟවා තිබූ තහනම් දැල් විශාල ප්‍රමාණයක් සහ තහනම් දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ ධීවරයන් විශාල පිරිසක් නාවික හමුදා භාරයට ගැනීමට සමත්ව ඇත. මෙවැනි ක්‍රියාකාරකම් මැඩපැවැත්විම සඳහා රජයේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව පෙරමුණ ගෙන කටයුතු කරමින් සිටින අතර, සාගර මත්ස්‍ය සම්පත රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටි.