නීති විරෝධී විදේශිය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදාව භාරයට
 

නාවික හමුදාව විසින් සිදු කළ දැනුම්දිමකට අනුව පට්ටියපොල, පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් පිරිසක් විසින් ඊයේ (පෙබරවාරි 01) මාතර, ගන්දර ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී නීති විරෝධී විදේශිය දුම්වැටි පැකට් 50 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් පුද්ගලයා මාතර, දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27 ක් වන අයෙකු බව හඳුනාගෙන ඇති අතර, අදාල පුද්ගලයා සහ නීති විරෝධී දුම්වැටි තොගය ඉදිරි විමර්ශණ කටයුතු සඳහා ගන්දර, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.