වැදගත් සිදුවීම්

අමාන් (AMAN 2019) නාවික අභ්‍යාසය සඳහා ශ්‍රීලංනානෞ සයුරළ නෞකාව පකිස්ථානය බලා පිටත්වෙයි
 

පකිස්ථානු නාවික හමුදාව විසින් දෙවසරකට වරක් පවත්වනු ලබන අමාන් (AMAN 2019) නාවික අභ්‍යාසයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව අද (පෙබරවාරි 02) කොළඹ වරායෙන් පකිස්ථානය බලා පිටත් විය.

02 Feb 2019

කිලෝග්‍රෑම් 11 කට අධික රත්‍රං සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (ජනවාරි 02) කල්පිටිය, කුඩාව මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ කිලෝග්‍රෑම් 11 කට අධික රත්‍රං තොගයක් සමඟ ශ්‍රීලාංකික පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට සමත් විය.

02 Feb 2019

නීති විරෝධී විදේශිය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදාව භාරයට
 

නාවික හමුදාව විසින් සිදු කළ දැනුම්දිමකට අනුව පට්ටියපොල, පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් පිරිසක් විසින් ඊයේ (පෙබරවාරි 01) මාතර, ගන්දර ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී නීති විරෝධී විදේශිය දුම්වැටි පැකට් 50 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

02 Feb 2019

නීති වීරෝධී ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 13 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් ඊයේ (පෙබරවාරි 01) කල්පිටිය, සින්නපාඩු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

02 Feb 2019