උතුරු නාවික විධානයේදී එළිමහන් පුහුණු වැඩසටහනක් පවත්වයි
 

උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත උතුරු නාවික විධානයට අයත් මානසික සෞඛ්‍ය ඒකකය සහ මෙහෙයුම් දෙපාර්තමේන්තුව එක්ව පසුගිය ජනවාරි මස 19 වන දින එළිමහන් පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූයේ නාවික පුද්ගලයින් හට අත්දැකීම් තුළින් ඉගෙනුම් කාර්යසාධනය වර්ධනය කිරීම, කණ්ඩායම් සහයෝගිතාව වර්ධනය කිරීම, නායකත්වය, සන්නිවේදන කුසලතා සහ සැලසුම්කරණය මෙන්ම අභිප්‍රේරණය වර්ධනය කිරීම ආදි වූ හැකියාවන් වර්ධනය කර ගැනීමට අවස්ථාව උදා කර දීමයි.

ඒ අනුව, එළිමහන් කණ්ඩායම් ක්‍රියාකාරකම් හරහා කණ්ඩායම් කාර්යසාධන හැකියාව වර්ධනය කර ගැනීමට නාවික හමුදා පුද්ගලයින් හට හැකියාව ලැබුණු අතර, එය නාවික හමුදා පුද්ගලයින් හට නැවුම් අත්දැකීමක් විය. තවද, ඒ සඳහා සහභාගිවූ සියළුම නාවික පුද්ගලයින් මේ සඳහා ඉතා උද්යෝගයෙන් යුතුව සහභාගි වන ලදී.

මෙම අවස්ථාව සඳහා උතුරු නාවික විධානයට අයත් දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ උතුරු නාවික විධානයට අයත් ‍ආයතන සහ නෞකාවන්හි අණදෙන නිලධාරීන් ඇතුළු නාවිකයින් විශාල පිරිසක් සහභාගිවි සිටියහ.