වැදගත් සිදුවීම්

රියර් අද්මිරාල් රසික දිසානායක මහතා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
 

නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් රසික දිසානායක මහතා සිය වසර 34 ක නාවික සේවය නිමා කරමින් අද දින(පෙබරවාරි 04) විශ්‍රාම යන ලදී.

04 Feb 2019

නාවික හමුදාව ජාතික දිනය වෙනුවෙන් වෙඩිමුර උත්තමාචාර 25 ක් පවත්වා ජාතිය වෙත උපහාර දක්වයි
 

71 වන ජාතික දින සැමරුම් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙත පිදෙන වෙඩිමුර උත්තමාචාරය මෙවරත් නාවික හමුදා මූලස්ථානය ඉදිරිපිට පිහිටි ප්‍රදීපාගාර පරිශ්‍රයේදී අද (පෙබරවාරි 04) 1200 පැයට අභිමානවත් ලෙස සිදු කෙරිණි.

04 Feb 2019

71 වන ජාතික දින සැමරුම් උත්සවය
 

කොළඹ ගාලු මුවදොර පිටියේ අද (පෙබරවාරි 04) උදෑසන අති උත්කර්ශවත් අයුරින් පැවැති 71 වන ජාතික දින සැමරුම් උත්සවය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් සුවිශේෂී දායකත්වයක් සැපයිණි.

04 Feb 2019

තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 03 ක් යළි ඉන්දියාවට
 

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගන්නා ලද ඉන්දීය ධීවරයින්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 03 ක් යලි එරටට භාර දීම ඊයේ (පෙබරවාරි 03) ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව සිදු කෙරිණි.

04 Feb 2019