පුපුරණ ද්‍රව්‍ය තොගයක් සහ පීඩන බෝම්බයක් නාවික හමුදාව සොයා ගැනේ
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ ත්‍රිකුණාමලය, පොලිසියට අනුයුක්ත නිලධාරින් එක්ව අද (පෙබරවාරි 06) ත්‍රිකුණාමලය, එරක්කන්ඩි වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදි සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගන්නා ලදී. එහිදී, විදුලි නොවන ඩෙටනේටර් 14 ක්, වෝටර් ජෙල් කූරු 03 ක්, චාර්ජස් 04 ක් සහ අඩි 1 ½ දිගැති ආරක‍්‍ෂිත වෙඩි නූලක් සොයා ගන්නා ලද අතර, එම පුපුරණ ද්‍රව්‍ය තොගය ත්‍රිකුණාමලය, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

එමෙන්ම, එම විධානයටම අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (පෙබරවාරි 06) ‍පුල්මුඩේ, කෝකිලායි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී මළ බඳින ලද පීඩන බෝම්බයක් සොයා ගන්නා ලද අතර, සොයා ගන්නා ලද බෝම්බය ආරක්‍ෂිතව ශ්‍රී ලංකා නාවික නෞකා රන්වැලි ආයතනය වෙත රැගෙන ගොස් නිෂ්ක්‍රිය කිරීමට කටයුතු කරන ලදී.