‘Sharp Shooter’ අධියර III හි ජයග්‍රහණ රැසක් නාවික හමුදාවට
 

කඳුරට වෙඩි තැබීමේ ක්‍රීඩා සාමාජය විසින් සංවිධානය කරනු ලැබූ ‘Sharp Shooter’ අධියර III හි තරඟාවලිය පසුගිය ජනවාරි මස 31 වන දින සිට පෙබරවාරි 03 වන දින දක්වා හන්තාන ප්‍රායෝගික පිස්තෝල වෙඩි පිටියේදී පවත්වන ලදී. මෙම තරඟාවලිය තුන්වන තලයේ ජාත්‍යන්තර මට්ටමේ තරඟාවලියක් වන අතර, මෙවර තරඟාවලිය සඳහා ත්‍රිවිධ හමුදා සහ දිවයිනේ පිහිටි වෙඩි තැබිමේ ක්‍රීඩා සමාජ වලට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200 ක් පමණ සහභාගී විය. තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගිය ‍පෙබරවාරි 03 වන දින හන්තාන ප්‍රායෝගික පිස්තෝල වෙඩි පිටියේදී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, එස්එම් වික්‍රමසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් පවත්වන ලදී.

විවිධ ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අභිභවමින් ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම මෙහිදී පදක්කම් රාශියක් හිමිකර ගැනීමට සමත් විය. මෙහිදී සුළු නිලධාරී (කාන්තා) ඩබ්එම්ආර් කුමාරි ක්‍රීඩිකාව කරඟාවලියේ විවෘත අවි වෙඩි තැබිමේ ඉසව්වේ සමස්ථ ශූරතාවය දිනා ගැනීමට සමත් වූ අතර, කාන්තා වෙඩි තැබීමේ ඉසව්වේද අති විශිෂ්ඨ දක්‍ෂතා පෙන්වමින් ප්‍රථම ස්ථානය හිමිකර ගනිමින් රන් පදක්කම් දෙකක් (02) දිනා ගැනීමට සමත් විය.

එමෙන්ම, සම්මත අවි වෙඩි තැබීමේ තරඟයෙන් ප්‍රථම ස්ථානය ගුවන් විදුලි කාර්මික කේපීජීඩි ධනුෂ්ක ක්‍රීඩකයා හිමිකර ගනිමින් රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වූ අතර, නාවික හමුදා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මතු සඳහන් ජයග්‍රහණ හිමි කර ගැනීමට සමත් වීය.

Standard Division Overall IPSC President

ගුවන් විදුලි කාර්මික කේපීජිඩී ධනුෂ්ක - රන් පදක්කම


Standard Division ‘Man Vs Man’ Shoot off

ගුවන් විදුලි කාර්මික කේපීජිඩී ධනුෂ්ක - රන් පදක්කම


Bianchi Plate Shoot Standard Division

ගුවන් විදුලි කාර්මික කේපීජිඩී ධනුෂ්ක - රන් පදක්කම


Bianchi Plate Shoot Production Division

නායක නැවි ආර්ඩීඑස් ප්‍රේමශාන්ත - ලෝකඩ පදක්කම


Open Division ‘Man Vs Man’ Shoot off

ගබඩා සහාකර කේඑම්සීබී කුලතුංග - රන් පදක්කම


Bianchi Plate Shoot Open Division

ගබඩා සහාකර කේඑම්සීබී කුලතුංග - ලෝකඩ පදක්කම


Open Division Overall

ගබඩා සහාකර කේඑම්සීබී කුලතුංග - රිදී පදක්කම
බල නැවි ආර්එල්ජී මධුසංක - ලෝකඩ පදක්කම


Standard Division Overall

නායක නැවි ඩීඑම්පීඑල් දයානන්ද - රිදී පදක්කම
නායක නැවි පීඩබ්ඒටී ප්‍රදීප් - ලෝකඩ පදක්කම


Production Division ‘Man Vs Man’ Shoot off

සුළු නිලධාරි ඩබ්එම්ජේසී වීරසිංහ - රන් පදක්කම


Bianchi Plate Shoot Open Division

බල නැවි ඩබ්ඒඩී චතුරංග - රන් පදක්කම
බල සෙබල ඊකේසීයූ කුමාර - රිදී පදක්කම


Open Division Overall Champion IPSC President

සුළු නිලධාරි (කාන්තා) ඩබ්එම්ආර් කුමාරි - රන් පදක්කම


Open Division Ladies Category Champion President

සුළු නිලධාරි (කාන්තා) ඩබ්එම්ආර් කුමාරි - රන් පදක්කම


Open Division Ladies Champion

සුළු නිලධාරි (කාන්තා) ඩබ්එම්ආර් කුමාරි - රන් පදක්කම


Open Divisoin Overall Champion

සුළු නිලධාරි (කාන්තා) ඩබ්එම්ආර් කුමාරි - රන් පදක්කම


Open Divison Range Officer Category

සුළු නිලධාරි (කාන්තා) යූඑස් රොද්‍රිගු - රන් පදක්කම


Open Division Ladies Category

සුළු නිලධාරි (කාන්තා) යූඑස් රොද්‍රිගු - රිදී පදක්කම
බල කාන්තා නැවි සීඑන් ජයසිංහ - ලෝකඩ පදක්කම