ඉන්දු - පැසිෆික් නියෝජිතයින් පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි
 

ශ්‍රි ලංකාවේ සංචාරයක නිරත වන ඉන්දු - පැසිෆික් සහයෝගීතා නායකත්ව කටයුතු පිළිබඳ නියෝජිත එයාර් කොමදෝරු රිචඩ් ඩේවිඩ් ඕවන් මහතා ඇතුළු නියෝජිතයින් පිරිසක් ඊයේ (පෙබරවාරි 07) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමුවිය.

අනතුරුව ඔවුන් ද්වි පාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කීපයක් පිළිබඳව සුහද කතාබහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපතිතුමා විසින් එයාර් කොමදෝරු ඩෙවිඩ් ඕවන් මහතා හට සමරු තිළිණ ද ප්‍රදානය කෙරිණි. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ඉන්දු පැසිෆික් සහයෝගිතා වැඩසටහනේ ප්‍රධානි වන කේට්ලින් ජෙන්සන් මෙනවිය ද සහභාගි විය.