නීති විරෝධි ලෙස හක් බෙල්ලන් ලඟ තබා ගත් පුද්ගලයෙකු කොටු කර ගැනීමට නාවික හමුදා සහය
 

නාවික හමුදා ‍තොරතුරකට අනුව පන්වැව, පොලිස් විශේෂකාර්ය බළකායට අනුයුක්ත නිලධාරීන් පිරිසක් විසින් අද (පෙබරවාරි 08) හම්බන්තොට, බැරක් වීදිය ප්‍රදේශයේදී හක් බෙල්ලන් කිලෝග්‍රෑම් 06 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒවා අලෙවි කිරීම සඳහා සුදානම් කර තිබූ බවට සැක පළ කෙරේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු වයස අවුරුදු 56 ක් වන පුද්ගලයෙකු බව හඳුනාගෙන ඇත. අත්අඩංගුවට ගත් හක් බෙල්ලන් සහ පුද්ගලයා ඉදිරි කටයුතු සඳහා හම්බන්තොට වන ජීවි කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.