ගංජා සමඟ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ දික්වැල්ල පොලිසියට අනුයුක්ත නිලධාරින් හා එක්ව ඊයේ (පෙබරවාරි 08) මාතර, වැවුරුකන්නල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ගංජා ග්‍රෑම් 315 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම පුද්ගලයින් ගංජා අලෙවි කරමින් සිටිය දී මෙලෙස අත්අඩංගුවට පත් වී ඇත. මෙම ගංජා ග්‍රෑම් 315 ක ප්‍රමාණය කේරළ සහ දේශිය ගංජා සමඟ මිශ්‍රව තිබී ඇති අතර, එහිදී ගංජා විකිණිමට භාවිතා කරන ලද යතුරු පැදියක් ද නාවික හමුදා භාරයට ගෙන ඇත.

මෙම පුද්ගලයින් වයස අවුරුදු 43, 41 සහ 30 වන වියෙහි පසුවන මාතර, බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයින්, යතුරු පැදිය සහ ගංජා තොගය ඉදිරි කටයුතු සඳහා දික්වැල්ල, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.