ශ්‍රී ලංකාවට අයත් නැගෙනහිර මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් හත්දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් නැගෙනහිර මුහු‍දේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් හත්දෙනෙකු (07) අද (පෙබරවාරි 09) නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව පුල්මුඩේ, කොක්කුතුඩුවයි ප්‍රදේශයට නැගෙනහිරින් වූ මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව විසින් සිදු කළ මුර සංචාරයක් අතරතුර ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී ඔවුන්ට අයත් ධීවර යාත්‍රාවක් (Dhow) ද නාවික හමුදා භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් පිරිස ශ්‍රී ලංකා නාවික තඨාකාංගණය වෙත රැගෙනවිත් වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට නියමිතව ඇත.