වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකාවට අයත් නැගෙනහිර මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් හත්දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් නැගෙනහිර මුහු‍දේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් හත්දෙනෙකු (07) අද (පෙබරවාරි 09) නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇත.

09 Feb 2019

යාපනය ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික නාවිකයින් පිරිසක් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ඊයේ (පෙබරවාරි 08) සහ අද දින උතුරු නාවික විධානයේ සංචාරයක නිරත වූ අතර, එහිදී යාපනය ප්‍රදේශයේ පදිංචි නාවික හමුදා ‍විශ්‍රාමික නාවිකයින් පිරිසක් නාවික හමුදාධිපතිතුමා හමු විය. එම හමුවීම ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ නාවික මැදුරේදී සිදු කෙරුණි.

09 Feb 2019

ගංජා සමඟ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ දික්වැල්ල පොලිසියට අනුයුක්ත නිලධාරින් හා එක්ව ඊයේ (පෙබරවාරි 08) මාතර, වැවුරුකන්නල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ගංජා ග්‍රෑම් 315 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම පුද්ගලයින් ගංජා අලෙවි කරමින් සිටිය දී මෙලෙස අත්අඩංගුවට පත් වී ඇත.

09 Feb 2019

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (පෙබරවාරි 08) වෙල්ලමුන්දලම් මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි වලංගු ධීවර අවසරපත් නොමැතිව ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගෙන ඇත.

09 Feb 2019