වැදගත් සිදුවීම්

නාවික හමුදාධිපතිතුමන් උතුරු නාවික විධානයේ සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පෙබරවාරි 08 සහ 09 වන දින උතුරු නාවික විධානයේ සංචාරයක නිරත විය.

10 Feb 2019

නීති වීරෝධී ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් ඊයේ (පෙබරවාරි 09) සිදු කළ පා මුර සංචාරයක් අතරතුරදි පල්ලියවාසල්පාඩු ප්‍රදේශයේදී නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

10 Feb 2019

ජෙලට්නයිට් කූරු 54 ක් සමඟ සැකකරුවකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ ත්‍රිකුණාමලය දිසා දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ සෝදිසි කිරීමකදී ඊයේ (පෙබරවාරි 09) කින්නියා ප්‍රදේශයේදී ජෙලට්නයිට් කූරු කිලෝග්‍රෑම් 7.56 ක් (කූරු 54ක්) සහ අඩි 50.6 ක් දිගැති ආරක්‍ෂිත වෙඩි නුලක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගන්නා ලදී.

10 Feb 2019