වැදගත් සිදුවීම්

ධීවර අවසරපත් නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (පෙබරවාරි 11) කුදිරමලෛයි මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි වලංගු ධීවර අවසරපත් නොමැතිව ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් සිව්දෙනෙක් (04) අත්අඩංගුවට ගෙන ඇත.

11 Feb 2019

ජෙලට්නයිට් කූරු 30 ක් සමඟ සැකකරුවකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ මන්නාරම, පොලිස් නිලධාරීන් එක්ව සිදු කළ සෝදිසි කිරීමකදී ඊයේ (පෙබරවාරි 10) මන්නාරම, සවුත් බාර් ප්‍රදේශයේදී ජෙලට්නයිට් කිලෝග්‍රෑම් 03 ක් (කූරු 30 ක්) සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

11 Feb 2019