ධීවර අවසරපත් නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (පෙබරවාරි 11) කුදිරමලෛයි මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි වලංගු ධීවර අවසරපත් නොමැතිව ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් සිව්දෙනෙක් (04) අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී, අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 21 ක්, ඩිංගි යාත්‍රාවක් සහ තහනම්දැලක්, නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, එම පුද්ගලයන්, මසුන් තොගය, ඩිංගි යාත්‍රාව, තහනම් දැල සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පුත්තලම, ධීවර පරික්‍ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.