වැදගත් සිදුවීම්

නාවික හමුදාධිපතිතුමන්ගේ උතුරු මැද නාවික විධාන සංචාරය

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පසුගිය පෙබරවාරි 10 සහ 11 යන දෙදින උතුරු මැද නාවික විධානයේ සංචාරයක නිරත විය. එහිදී උතුරු මැද නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මුදිත ගමගේ මහතා විසින් නාවික හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

12 Feb 2019

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල් සැමරුම් මාර්ග ධාවනය

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලයේ (Council International Military Sports) සංවත්සරය නිමිත්තෙන් එහි සාමාජික රටවල සහභාගිත්වයෙන් වර්ෂිකව සංවිධානය කරනු ලබන අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල සැමරුම් මාර්ග ධාවනය 2019 පෙබරවාරි 18 වන දින මෙවරත් ගාළු මුවදොරදී පැවැත්විමට කටයුතු සංවිධානය කර ඇත.

12 Feb 2019

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ රාජකාරි නියුතු අධිකාරී නොලත් නිලධාරින් වෙනුවෙන් පවුල් සුහද හමුවක්

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාගේ අදහසකට අනුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයට අනුයුක්ත ත්‍රිවිධ හමුදා අධිකාරී නොලත් නිලධාරින් සඳහා පවුල් සුහද හමුවක් පසුගිය‍ පෙබරවාරි 09 වන දින උස්වැටකෙයියාව, නාවික හමුදා මාලිමා උත්සව ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.

12 Feb 2019