වැදගත් සිදුවීම්
ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් ඊයේ (පෙබරවාරි 12) උප්පුරල් ප්‍රදේශයේ පාමුර සංචාරයක නිරතව සිටියදී සැක කටයුතු පුද්ගලයෙකු සොදිසි කිරීමට ලක්කර ඇති අතර, එහිදී එම පුද්ගලයා සතුව තිබී දේශීය ගිනිඅවියක්, ගිනිපෙට්ටි 47 ක් සහ ඊයම් බෝල 53 ක් අත්අඩංගුවට ගෙන ඇත.
13 Feb 2019
නීති වීරෝධී ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් චීන වරාය පොලිස් නිලධාරීන් සමඟ සිදුකළ මෙහෙයුමකින් ඊයේ (පෙබරවාරි 12) කප්පල්තුරෛ මදට්ටන් වෙරළ ප්‍රදේශයේදී නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබූ මිටර් 250 දිගැති තහනම් දැලක්, කැනොයි වර්ගයේ යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇත.
13 Feb 2019


