ඉරාන නාවික හමුදාවට අයත් නෞකා 3 හි අණදෙන නිලධාරීන් නාවික හමුදාධිපති හමුවෙයි

ඉරාන නාවික හමුදාවට අයත් ‘බුෂේර්’, ‘ලවාන්’ සහ ‘බයන්ඩෝර්’ යන යුද නෞකා ත්‍රිත්වයටම අණදෙන්නා වශයෙන් කටයුතු කරන කොමාණ්ඩර්, රෙසා බොද්ධගී මහතා ඇතුළු ලුතිනන් කොමාණ්ඩර් මහ්මූද් බද්වී, ලුතිනන් කොමාණ්ඩර් හසන් බේගී, ලුතිනන් කොමාණ්ඩර් මොහොමඩ් ගර් රහ්නාමා යන අණදෙන නිලධාරීවරුන් අද (පෙබරවාරි 16) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමුවිය. එහිදී ඔවුන් ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධව සුහද පිළිසඳරක නිරත වූ අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් මන්සූර් චමන් පීරා (Captain Mansour Chaman Pira) මහතා ද සහභාගිවී සිටියහ.