නීති විරෝධි ගවයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ දින (පෙබරවාරි 15) ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයේ ප්‍රධාන දොරටුව ඉදිරිපස මාර්ගයේදී නීති විරෝධී ලෙස එළදෙනක් සහ පැටවකු ඩීමෝබට්ටා ලොරි රථයක පටවාගෙන පිටතට නොපෙනෙන සේ නිල්පැහැති ඉටිරෙද්දකින් ආවරණය කරගෙන ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) අත් අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් මන්නාරම, වන්දකණ්ඩල් සහ කුරුවිල්ලුවන් යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, එම පුද්ගලයින්, ගවයින් සහ ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා සිලාවතුර, පොලිසිය වෙත භාර දීමට කටයුතු කර ඇත.