නීති වීරෝධී ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 07 ක් නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් ඊයේ දින (පෙබරවාරි 15) රාත්‍රී කාලයේ පුත්තලම, සින්නපාඩු මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයකදී නීති විරෝධී ලෙස ලයිට් කෝස් පන්න ක්‍රමය භාවිතා කරමින් තහනම් මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබී තහනම් මුසන් කිහිප දෙනෙකු, ඩිංගි යාත්‍රා 04 ක් සහ අනෙකුත් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඒ අනුව, අත්අඩංගුවට ගත් පුද්ගලයින්,මසුන්, යාත්‍රා සහ අනෙකුත් ධීවර ආම්පන්න, ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම, සහකාර ධීවර අධ්‍යක්‍ෂ වෙත භාර දීමට කටයුතු කරන ලදී.