අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල සැමරුම් මාර්ග ධාවනය නාවික හමුදාවේ සංවිධායකත්වයෙන් හෙට පැවැත්වේ

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලයේ (Council International Military Sports) සංවත්සරය නිමිත්තෙන් එහි සාමාජික රටවල සහභාගිත්වයෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල සැමරුම් මාර්ග ධාවනය හෙට (පෙබරවාරි 18) දින 0600 පැයට කොළඹ ප්‍රදීපාගාරය අසලින් ඇරඹේ.

මෙම මාර්ග ධාවනය ගාලු මුවදොර ආශ්‍රිතව පැවැත්විමට කටයුතු සංවිධානය කර ඇති අතර, ත්‍රිවිධ හමුදා නිලධාරින් ඇතුළු සම්භාවනීය ආරාධිතයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල සැමරුම් මාර්ග ධාවනය මෙවර ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබයි.

තවද, මේ සඳහා එක්වන සියලු පර්ශවකරුවන් සිය විවිධ වූ ශාරිරික ශක්තිය, ක්‍රීඩා හැකියාව, සාමාජ තත්වය සහ ස්ත්‍රි පුරුෂ භාවය හෝ වයස වැනි කරුණු මදකට අමතක කර ලෝක සාමය නම් උතුම් සංකල්පය ප්‍රමුඛ ‍කොටගෙන ක්‍රීඩාවේ නිරතවිම විශේෂත්වයකි.