වැදගත් සිදුවීම්

ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට

දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ දික්වැල්ල පොලිස් විශේෂ කාර්ය බළකායට අනුයුක්ත නිලධාරින් එක්ව ඊයේ (පෙබරවාරි 16) මාතර, දික්වැල්ල ප්‍රදේශයේ සිදු කළ වැටලීමක දී ගංජා ග්‍රෑම් 120 ක් ලග තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

17 Feb 2019

දියේ ගීලි මිය ගිය පුද්ගලයෙකුගේ මෘත දේහය නාවික හමුදාව විසින් සොයා ගැනේ

කැළණි ඟගේ දිය නෑමට ගිය සහෝදරයින් තිදෙනාගෙන් එක් අයෙක් දියේ ගිලී අතුරුදහන් වී ඇති අතර, එම අතුරුදන් පුද්ගලයාගේ මෘත දේහය සොයා ගැනීමට නාවික හමුදාව අද දින (පෙබරවාරි 17) කටයුතු කරන ලදී.

17 Feb 2019

ශ්‍රීලංනානෞ සයුරළ නෞකාව අමාන් (AMAN 2019) නාවික අභ්‍යාසය සාර්ථක ලෙස නිමා කරයි

පකිස්ථානු නාවික හමුදාව විසින් දෙවසරකට වරක් පවත්වනු ලබන අමාන් (AMAN 2019) නාවික අභ්‍යාසයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව පසුගිය පෙබරවාරි 02 වන දින කොළඹ වරායෙන් පකිස්ථානය බලා පිටත් විය.

17 Feb 2019

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල සැමරුම් මාර්ග ධාවනය නාවික හමුදාවේ සංවිධායකත්වයෙන් හෙට පැවැත්වේ

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලයේ (Council International Military Sports) සංවත්සරය නිමිත්තෙන් එහි සාමාජික රටවල සහභාගිත්වයෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල සැමරුම් මාර්ග ධාවනය හෙට (පෙබරවාරි 18) දින 0600 පැයට කොළඹ ප්‍රදීපාගාරය අසලින් ඇරඹේ.

17 Feb 2019