ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවන් 03 දිවයිනෙන් පිටත් වෙයි

පසුගිය පෙබරවාරි 15 වන දින කොළඹ වරායට සේන්දු වූ ඉරාන නාවික හමුදාවට අයත් ‘බුෂේර්’, ‘ලවාන්’ සහ ‘බයන්ඩෝර්’ යන යුද නෞකාවන් අද (පෙබරවාරි 18) වන දින සිය සිව්දින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය.

එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාවන් වෙත සමුදීම සිදු කරන ලදී. මෙම නෞකාවන් මෙරට රැඳී සිටී කාල සිමාව තුළදී එහි නැව් මුළුව ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථානයන්හි සංචාරය කළ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබු වැඩසටහන් කිහිපයකට ද සහභාගී විය.